Pages

Subscribe:

Ads 468x60px

‘තාජුදීන්ගේ ඝාතකයින් සොයාගත් පසු බරපතල හෙළිදරව්වක්‘ - පාඨලීගෙන් ඉඟියක් (VIDEO)


තාජුදීන්ගේ ඝාතනයේ අපරාධකරුවන් සොයා ගත් විට එක්නැලිගොඩ ඝාතනයේ අපරාධකරුවන්වත් සොයාගත හැකි බව අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (03) හිරු නාලිකාවේ පැවැති ‘සලකුණ‘ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවත් ඉතා ඉක්මනින් එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවත් පිරිසිදු,
සුදනෝ යැයි පවසන පිවිතුරු කල්ලියක් සිටින බවත් ඔහු පැවසී ය.

තාජුදීන්ගේ ඝාතනයක් බව හෙළි වී ඇති බැවින් එම සිද්ධියට අදාල අපරාධකරුවන් සොයාගත් පසු එක්නැලිගොඩ, ලසන්න ඇතුළු අතුරුදන් කළ, පැහැරගැනීම් කළ, ඝාතනය කළ පිරිස් පිළිබඳ බරපතල හෙළිදරව්වක් සිදු වේවි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න

0 comments:

Post a Comment