Pages

Subscribe:

Ads 468x60px

ශ්‍රීලනිපයට ත් 64යි මෛත්‍රීටත් 64යි - ජනපති ජන්ම දිනය අද

උපන් දිනය සමරයි ජනපතිඳු අපේ
චිරංජයතු පොදු ජනතා කුසුම් පිපේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැට හතරවන (64) ජන්ම දිනය අදට (3 වැනිදා) යෙදී තිබේ.1951 සැප්තැම්බර් මස 03 වැනිදා ගම්පහ, යාගොඩ, ග්‍රාමයේ උපත ලැබ ඒ මහතා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් 1951 සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා දිනකට පසු උපත ලබා එම පක්‍ෂයේ සභාපති තනතුරට මෙන්ම මෙරට ජනාධිපති තනතුරටද පත්වීම විශේෂත්වයකි.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබ මෙරට ජනාධිපති ධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති

වීමෙන් පසු සමරන පළමු ජන්ම දින සැමරුම මෙය වීමද විශේෂත්වයකි.

රට පුරා වෙහෙර විහාරස්‌ථාන හා ආගමික ස්‌ථානවල ජනාධිපතිවරයාට සෙත්පතා පිංකම් රැසක්‌ සංවිධානය කර ඇත.

අද පෙරවරු 10.00 ට පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී සෑ රදුන් අබියසදී විශේෂ ආශීර්වාද පිංකමක්‌ද පෙරවරු 10.00 ට පොළොන්නරුව ගල්විහාරයේ රන්කොත් විහාරය අබියස ජය පිරිත් දෙසුමක්‌ද පැවැත්වේ. සවස 7.00 ට දොඩම්පහළ රාහුල හිමියන් විසින් පවත්වන ආශීර්වාද පූජාවක්‌ද සිදුකෙරේ.

0 comments:

Post a Comment