Pages

Subscribe:

Ads 468x60px

වාරියපොළ නංගී නමින් සමාජ ජාලාවල ජනප්‍රිය වූ තිළිණි, යළි කරළියට


වාරියපොළ නංගී නමින් සමාජ ජාලාවල ජනප්‍රිය වූ තිළිණි අමල්කා නම් තරුණිය, වාරියපොල බස් නැවතුම් පොලේ දී සෙල්වා නම් තරුණයකුට පහර දුන් සිද්ධිය පසුගිය වසරේ මාධ්‍ය තුළ මහත් අන්දෝලනයකට ලක්විය.

ඒ අනුව වාරියපොල පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගිය අවුරුද්දක කාලයක් තිස්සේ විභාග වීමෙන් පසුව අවසන් තීන්දුව 2015 සැප්තැම්බර් 02 වන දින, එනම් ඉකුත් බදාදා වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දෙනු ලැබීය. ඒ අනුව චූදිතයා වූ සෙල්වා නම්

පුද්ගලයා එහිදී වැරදිකරු වූ අතර ඔහුට මාස 6ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

පොදු ස්ථානයක දී කාන්තා හිංසනයට එරෙහිව තරුණියක් දැක්වූ ප‍්‍රතික‍්‍රියාවක් වූ මේ සිදුවීම පිළිබද සමාජයේ විවිධ අදහස් හා මත ඇති අතර ඒ පිළිබද විවෘත සංවාදයක් සමාජය තුළ ඇති නම් තරුණිය කිරීම වෙනුවෙන් ඇය සහභාගීවන මාධ්‍ය හමුවක් අද දින පැවැත්වීමට නියමිතව ඇත.කොළඹ 07, විජයරාම මාවතේ, සව්සිරිපායේදී මේ පැවැත්වෙන අතර සමබිම සංහිද පැමිණිලි මධ්‍යස්ථානය මේ සංවිධානය කරයි

එහිදී


1. තිළිණි අමල්කාගේ පාර්ශවයෙන් සිදුවීම සත්‍ය ලෙසම සිදු වූ ආකාරය ඉදිරිපත් කිරීම.

2. පොදු ස්ථාන වලදී කාන්තාවන් හිංසනයට පත් වීම හා අදාළ නීතිමය සහ සමාජීයමය පසුබිම පිළිබද සමබිම සංහිද පැමිණිලි මධ්‍යස්ථානය, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් විසින් විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments:

Post a Comment