Pages

Subscribe:

Ads 468x60px

තාජුඩීන්ගේ දුරකථනය නුවරඑළියේ තරුණයෙකු ළඟ තිබී සොයාගත්තා


ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දුරකථනය නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේ තරු‍ණයෙකු ළඟ තිබියදී සොයාගත්
බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

තාජුඩීන්ගේ රථය අනතුරට ලක්වූ නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ පිහිටි උත්සව ශාලාවක හිමිකරුවෙකුට එම ජංගම දුරකථනය හමුවී ඇති බවත්, ඔහු එය සිය පුතාට ලබාදී ඇති බවත්, ඒ මහතා පැවසීය.

තාජුඩීන්ගේ මුදල් පසුම්බිය හමුවු ස්ථානය ආසන්නයේ එය තිබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය මිට සති 3ට ඉහතදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බවද ඒ අනූව ඔවුන් මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ කරන බවද රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

0 comments:

Post a Comment