Pages

Subscribe:

Ads 468x60px

ෆොන්සේකා ගේ කඳුළු හා මහින්ද රාජපක්ෂ (video)


පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාවෙදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා හට කතාබහ කරමින් සුහදව හැසිරුනාද යන්න පිළිබඳව විමසූ විට ඔහු මේ බව හෙළි කළේය. තමා හේමා ප්‍රේමදාස මැතිනිය සමඟ කතා කරමින් සිටියදී ඒ අතර මැදට පැන තමා හා කතා කරන්නට ගත් උත්සාහය ෆොන්සේකා මහතා විසින් හෙළි කරන ලදී.

සාමාන්‍ය යෙන් අප දන්නා පරිදි මාධ්‍ය ඉදිරියේදී මහින්ද රාජපක්ෂ යනු තමන්ගේ පරම සතුරා සමඟ හෝ හිනාවෙන්න කතා කරන්න දැඩි උත්සාහයක් ගන්නා තැනත්තේකි. කුණු හරුපයක් හෝ කියා අසල සිටින වුන් සිනා ගස්සවා මාධ්‍ය හමුවේ සුහද රංගන වල යෙදෙන්නට ඔහු
දක්ශයකි. ෆොන්සෙකා මහතා විසින්ද තහවුරු කරන්නේ ඔහුගේ එම ගතියයි.

එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ පසුව තමන්හට මහින්දට රාජපක්ෂ ‘‘කොහොමද සරත්‘‘ කියමින් කතාකරන්නට උත්සාහ කළත් තමන් එය ගණන් නොගෙන සිටි බවයි.

කිසියම් හෝ හේතුවකින් එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ සමඟින් කතාකරන්නට සිදුවූයේ නම් ඔහුහට පසුගිය අතීතය නැවත ආවර්ජනය කරදෙන බවටත් සරත් ෆොන්සේකා මහතා එහිදී පවසා සිටියේය.

'එයා ඇහුවා මගෙන් කොහොමද සරත් කියලා, ඒ අවස්ථාවේ හැටියට අතීතයේ දෙවල් මට කියන්න බෑ ඒ දුෂ්කර ජීවිතය අපි ගත කරපු, අපෙන් පලිගත්තා, හිරිහැර කළා, දියණියගේ විවාහය පවා කඩාකප්පල් කළා, ඒ හැමදේමට ඔවුන් වගකියන්න ඕනි. 

මාව ඇදගෙන ගිහිල්ලා මගේ අයිතිවාසිකම් ගැන සලකන්නේ නැතුව, මාගේ ආත්ම ගරුත්වය ගැන සලකන්නේ නැතුව ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා, මාස 8ක් රිමාන්ඩ් එකේ තියාගෙන හිටියා නඩුවක් නැතුව. 

ඒ මාස 8ට මාගේ බිරිඳට මාව දකින්න දුන්නේ දවසට එක පාරයි, විනාඩි 15යි, සාමාන්‍යයෙන් රිමාන්ඩ් එකේ ඉන්න හිරකාරයෙක්ටත් පවුලේ අයට දවසට තුන්පාරක් බලන්න ආහාර ගේන්න පුලුවන්. සමහර දවස්වල බිරිඳ හරවලා යවනවා, රස්තියාදු කරනවා. ඒ විදියට අපිට සැලකුවේ...' (මේ මොහොතේදි ෆොන්සේකා මහතාගේ ඇස් කඳුළින් පිරෙයි)

'ඔබතුමාගේ ඇස් දෙකේම කඳුලු.' සරත් ෆොන්සේකාගේ ඇස්වල කඳුලු කියන්නේ දුලභ සිදුවීමක් නේද ?

'ඔව්, නමුත් ඒ කරපු නින්දිත නිවට වැඩ මතක් කළාම හිතට වේදනාවක් එනවා.'

යුධ පෙරමුණක රණ ශුරයෙකු ලෙසින් දැඩි චිත්ත ධෛරයකින් සිටි ඔහු මින්පෙර කිසිදු දිනකදී මෙතරම් සංවේදී වන අයුරු ඔබත් නොදැක තිබෙන්නට ඇති .

0 comments:

Post a Comment