Pages

Subscribe:

Ads 468x60px

ශ්‍රී දළදා මාලිගාවේ දෑල නැවත බස්නායක නිලමේ


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නැවත වරක් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පත්ව තිබේ. ඔහුට මෙවර ඡන්ද 205ක්
ලැබී ඇත. පසුගියවර ඔහුට ලැබුණේ ඡන්ද 199කි.

අද දළදා මාලිගාවේ දියවඩන නිල ඡන්දය උණුසුම්

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 20 වැනි දියවඩන නිලමේ පත්කර ගැනීමේ නිලවරණය අද (8 වැනිදා) පැවැත්වෙන අතර ඊට හතර දෙනකුගේ නම් ඉදිරිපත්වීම නිසා දියවඩන නිලමේ තෝරා ගැනීම තියුණු තරගයක්‌ බවට පත්ව ඇත.

සෙංකඩගල බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැත්වෙන මෙම නිලවරණයට හිටපු දියවඩන නිලමේවරු දෙදෙනකු හා බස්‌නායක නිලමේවරු දෙදෙනකු ඉදිරිපත්ව ඇත.

හිටපු දියවඩන නිලමේ නිලංග දැල, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විඡේරත්න, නාථ දේවාලයේ බස්‌නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද, ගනේගොඩ දේවාලයේ හිටපු බස්‌නායක නිලමේ රසික සුදන්ත පුංචි බණ්‌ඩාර සේනානායක යන මහත්වරුන් තරග වදින සිව් දෙනාය.

මෙම නිලවරණයේදී ඡන්දය දීමට 301 දෙනෙක්‌ සූදානමින් සිටිති. මල්වතු අස්‌ගිරි උභය විහාරයන්හි මහ නාහිමිවරුන් උඩරට රාජධානියට අයත් පුරාණ විහාරයන්හි විහාරාධිපති හිමිවරුන්, ගිහි පැවිදි භාරකරුවන් ප්‍රාදේශීය ලේකම්වරුන් හා මහනුවර බස්‌නායක නිලමේවරුන් මෙම නිලවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලැබුවෝ වෙති.

බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8දා) ප.ව. 2.00 ට පැවැත්වෙන මෙම නිලවරණයේදී ඉදිරි දස වසර සඳහා ශ්‍රී දළදා මාළිගාවට දියවඩන නිලමේවරයකු පත්කර ගනු ඇත.

0 comments:

Post a Comment