Pages

Subscribe:

Ads 468x60px

ලංකාවේ විදුලිබල මෝටර් රථ අර්බුධයක!


ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දුන් විදුලි බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ ආනයනය සහ අලෙවිය සම්බන්ධව ගැටලු රැසක් මතුවී ඇතැයි වාර්තා වේ.

ජාතික විදුලි පද්ධතියෙන් ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීමට අනුමැතිය ලබා ගැනීමේදී ගැටළු මතුවීම හේතුවෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ සඳහා ආරෝපිත ස්ථාන ඉදිකිරීම සම්බන්ධව මේවනවිට

ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

මේ මෝටර් රථයක් විදුලිබලයෙන් ආරෝපණය කර ධාවනය කළ හැකි උපරිම දුර කිලෝමීටර 120 ක් අතර අධික තදබදය හා වායු සමීකරණ ක්‍රියාත්මක වීම අනුව එය තවත් අඩුවිය හැකිය.

යම් හෙයකින් විදුලි බලයෙන් ආරෝපිත ප්‍රමාණය ශුන්‍ය වුවහොත් (0 දක්වා පහළ බැස ගිය විට) වාහනය යළි ආරෝපණයකින් තොරව ධාවනය කළ නොහැකිය. එම මෝටර් රථවල ඊට විකල්ප ලෙස ඉන්ධන හෝ බැටරියක් මඟින් හෝ මෝටර් රථය ධාවනය කිරීමේ පහසුකමක් නැත.

0 comments:

Post a Comment