එල් බෝඩ් සහිත කාන්තාවක පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල පිරවුම්හලක ගැටී තිබේ. එම අනතුරින් අදාල කාන්තාවගේ සැමියා, පාරේ ගමන්ගත් අයෙකු හා ඉන්ධන පිරවුම් හලේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ රාජගිරිය පන්සල පාරේ පදිංචි 38 වියැති තරුණයෙකු කොස්වත්ත රෝහල වෙත ඇතුළත් කර ඇත. පාරේ ගමන්
කළ අනතුරට ලක් වූ තරුණයා එම කැබ් රථය යට හිරවීම නිසා දැඩි ලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පිරවුම් රැදවුමටද හානි වී ඉන්ධන පිරවුම් හලෙහි නවතා තිබූ රජයේ කැබ් රථයකට , ත්‍රිරෝද රථ 2කට හා මෝටර් රථයකටද අලාභ හානි වී ඇතැයි සදහන්.
මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ තලංගම පොලිසිය විසින් මෙහෙයවයි.









0 comments:
Post a Comment