Pages

Subscribe:

Ads 468x60px

පාරේ කවුරු ගියත් බුරන බල්ලා එදා නොබිරුවේ මන් ද? - අතුරුදන් වූ දැරියගේ මව අසයි


05 වැනි උපන්දිනය සැමරීමට දින 05 ක් තිබිය දී කොටදෙණියාව ප්‍රදේශයේ නින්දේ සිටි දැරිය අතුරුදන් විය. ඇයට මෙලොව හැර යාමට සිදු වූයේ කාගේ අවශ්‍යතාවක් නිසාවෙන් ද යන්න තවමත් හෙළි වී නොමැත. එම සිඟිත්තිය ඒ නින්දට ගියේ නැවත අවදි නොවනන්ට යැයි කිසිවෙකු නොසිතන්නට ඇත.

නින්දේ පසු වූ එම දැරිය කෙලෙස කාගේ බිල්ලක් බවට පත් වූවා ද යන්න තවමත් ගැටළුවකි. පාරේ කවුරු ගියත් බුරන බල්ලා එදා නොබිරුවේ මන් ද? කොටදෙණියාව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වූ

05‌ හැවිරිදි සිඟිති දැරියගේ මළ සිරුර බඩල්ගම අකරන්ගහ අරවින්ද වත්තට මායිම්ව ඕතර වෙල්යායේ ඇළ ඉවුරක තිබීය දී ඊයේ (13) සොයා ගනු ලැබී ය.

දැරිය අමානුෂික අයුරින් මරා දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි. මෙලෙස අමානුෂික අන්දමින් මරා දමා ඇත්තේ කොටදෙනියාව බඩල්ගම අකරත්ගහ පදිංචිව සිටි සේයා සදෙව්මිණි නමැති සිඟිත්තියයි.

ඝාතනයට ලක්‌ වූ දැරියගේ පියා පාසල් ගුරුවරයකුව පාසලක සේවය කරමින් සිටිය දී ළමා අපචාර සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයකු බවත් හෙළ වී ඇතැයි පොලීසිය පවසයි.

ඇය නිදා සිටි ඇද අසල පිහිටි ආවරණ රහිත ජනේලයෙන් දැරිය පිටතට ගෙන ගොස් ඇතැයි පොලීසිය සැක පළ කළේ ය. ඇය ඇද සිටි ඇඳුම් ද ඇඳ මත තිබී සොයාගත් නමුත් පොලිස් සුනඛයින් යොදා කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.

දැරියගේ දෙමව්පියන් ඇතුළු කිහිප දෙනෙකුගෙන් පොලීසිය දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 11 වැනි දා රාත්‍රි දැරියගේ පියා සිය රථයෙන් කුලී ගමනක්‌ ගොස්‌ නිවසට පැමිණ සිය බිරියගෙන් දරුවා ගැන විමසා තිබේ. එවිට බිරිය දරුවා මිත්තණිය සමග කාමරේ නිදා සිටින බව පවසා තිබේ.

අනතුරුව මෙම යුවළ නින්දට ගොස්‌ ඇති අතර පසු දා අවදි වී බලන විට සිය දියණිය අතුරුදන් වී සිටිනු දැක තිබේ. ඒ අනුව ඔවුන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ අරඹා ඇත.

ගම්පහ කොට්‌ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ අනුව 11 වැනි දා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 03 ක්‌ මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා තිබේ. ඔවුන් පොලිස්‌ නිල සුනඛයන් ද යොදවා කොටදෙනියාව ප්‍රදේශයේ මෙහෙයුමක්‌ ද ක්‍රියාත්මක කර තිබිණි.

මරණයට පත් දැරියගේ මව සිය දැරිය සමබන්ධයෙන් දක්වන අදහස් පහත පරිදි ය.

"රාත්‍රී රූපවාහිනිය බලමින් සිටි දුවට පුටුව උඩම නින්ද ගොස්‌ තිබුණා. මා ඔසවාගෙන ගොස්‌ ඇඳෙන් තියපු මගේ දුවට මේ මොකද වුණේ යෑයි බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටිය දී මළසිරුර හමු වූ 05‌ හැවිරිදි දියණියගේ වියෝව දරා ගත නොහැකිව ඇගේ මව වූ 37 හැවිරිදි සමන්ති රේණුකා මහත්මිය විලාප නගන්නී ය."

"අම්මයි තාත්තයි 11 වැනි දා රාත්‍රි 07 ට විතර මළ ගෙදරක ගියා. මහත්තයා වෑන් එකේ ගාමන්ට්‌ ළමයින්ගේ හයර් එක ගිහින් තිබුණා. මමත් පුතත් දුවලා දෙන්නත් රෑට කාලා ටී.වී. බැලුවා. ටී.වී. බලමින් ඉන්න අතරේ ළමයි තුන්දෙනාට වරින් වර පුටු උඩ නින්ද ගියා.

මම එක එක්‌කෙනාව සැරෙන් සැරේ ඇඳ උඩින් ගිහින් තියලා මමත් නිදා ගත්තා. තාත්තලා මළ ගෙදර ගිහින් රාත්‍රී 10.45 ට ආවත් මම ඇහැරිලා එළියට ආවේ නැහැ. නිවසේ ආරක්ෂිත ස්‌ථානයක දොර අරින්න තවත් යතුරක්‌ තියෙනවා. මහත්තයා රෑ 12.00 ට විතර වෑන් එකේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුව ඇඳේ හිටියේ නැහැ. අපි හිතුවේ දුව එයාගේ ආච්චිගේ කාමරයට යන්න ඇති කියා.

වෙනදාටත් රෑට ඇහැරුණාම එයා කොට්‌ටයත් අරන් ආච්චි ගාවට යනවා. අපි නිදාගෙන උදේ මම ඇහැරිලා කුස්‌සියට ගිහින් ඉන්න කොට තාත්තා ඇහුවා දුව කෝ කියා. මම කිව්වා දුව හිටියේ ඔයාලගේ කාමරයේ නෙමේ ද කියලා.? එවිට තමයි දුව නිවස තුළ නැති බව දැනගත්තේ."

"රෑ කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවේවත් නැහැ. අප ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක්‌ තියෙනවා. එම ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රීල් නැහැ. 


ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනි දා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌."

දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක්‌ පියනක පමණක්‌ ග්‍රීල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැති වූ අවස්‌ථාවක නිවසට ඇතුළුවීමට එම ග්‍රීල් එක ඉවත් කිරීම නිසා යැයි පොලිස්‌ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. මේ බව ඊයේ (13) පොලීසිය විසින් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සිසිර විඡේසූරිය මහතාට දැනුම් දී ඇත.

දැරියගේ මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි කර ගත හැකි බව පොලීසිය පවසයි. ඝාතනයට අදාළව මෙතෙක්‌ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

0 comments:

Post a Comment