Pages

Subscribe:

Ads 468x60px

සේයාගේ ඝාතනයෙන් තවත් අභිරහස් අතවරයක්


කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ මරණයේ දර්ශන රූපවාහිනියෙන් නැරඹූ පාසල් දරුවෙක්‌ තමාට ද සිදුවූ අතවර ගැන සඳහන් කිරීමේ පුවතක් පිංදෙණිය පොලිසියෙන් වාර්තා වනවා.

ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි මෙම පිරිමි දරුවාට තමාගේ ජංගම දුරකථනයේ ඇති අසභ්‍ය දර්ශන පෙන්වා පොළඹවාගෙන ඇත්තේ කොටියාකූඹුර නගරයට ආසන්න ගමක ත්‍රිරෝද රථ රියදුරකු

බවයි පැවසෙන්නේ.

2013 වසරේ සිට ඔහු තමන්ට අතවර කළ බව දරුවා විසින් මවට සඳහන් කර ඇති අතර මව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදී ද ඔහුගේ ජංගම දුරකථනයේ එවැනි ඡායාරූප 30 - 40 ක්‌ අතර ප්‍රමාණයක්‌ තිබුණු බවවාර්තා වනවා

0 comments:

Post a Comment