Pages

Subscribe:

Ads 468x60px

මහින්ද රාජපක්‍ෂගෙන් හදිසියේ මාධ්‍ය නිවේදනයක් !


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිනී  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන්. ඉන්දියාවේ ‘‘ද හින්දු’’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙම නිවේදනයට පාදක වනවා.

තමාගේ නායකත්වය යටතේ තිබු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත්කරවීමට හැකිවීම පිළිබඳ සිය පි‍්‍රතිය පළ කරන බවට හිටපු ජනාධිපතිවරිය ‘‘ද හින්දු’’ පුවත්පතට ප‍්‍රකාශ කර ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනවා. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජනතා

නිදහස් සන්‍ධානයේ සහ මේ රටේ සියලූ ජනතාවගේ අවදානයට ලක්විය යුතු ප‍්‍රකාශයක් බවයි මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ.

තමන් නායකත්වය දැරු, වර්තමානයේ අනුශාසක ධූරයක් දරන පක්‍ෂයක පරාජය ගැන මෙවැනි ප‍්‍රිතිය ප‍්‍රකාශ කිරීමක් ඉන්දියාවේ හෝ සිදුනොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. සිය නිවේදනය මගින් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමා සහ තම පක්‍ෂය හොරුන් හෝ මිනීමරුවන් ලෙස හුවා දැක්වීම තුළින් පක්‍ෂයට අගතියක් සිදුවන බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ



 

01 02 03 04

0 comments:

Post a Comment