Pages

Subscribe:

Ads 468x60px

නිදා සිටි සිසුවාගේ මළ සිරුර කජු ගසක

අඟුරුවාතොට බටගොඩ මුළුගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි පාසල් දරුවකු කජු ගසක ගෙල වැලලාගෙන මියයැම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය ඊයේ (11 වැනිදා) පරීක්‍ෂණ ආරම්භ කළේය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ බටගොඩ කනිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ගමගේ සඳරුවන් නමැති දරුවෙකි.

සිව්දෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූ සඳරුවන් පෙරේදා (10 වැනිදා) රාත්‍රි සිය පියා සමඟ නින්දට ගොස්‌ ඇති අතර පියා ඊයේ අලුයම අවදි වී දරුවා පිළිබඳව සොයා බලද්දී ඔහු ගෙල වැලලාගෙන සිටින අයුර දැක පොලිසියට දැනුම් දී ඇත.

මෙසේ ගෙල වැලලාගත් බවට සැක කෙරෙන දරුවාගේ වැඩිමහල් සහෝදරිය ද මීට වසර 4 කට පෙර මේ අයුරින්ම ගෙල වැලලාගෙන

මියගොස්‌ ඇති බව අඟුරුවාතොට පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

ඔවුන්ගේ මව දරුවන්ගෙන් වෙන්ව ජීවත්වන අතර මියගිය දරුවාගේ වැඩිමහල් සහෝදරියෝ දෙදෙනා ද මිත්තණිය සමඟ වෙනම නිවසක ජීවත් වෙති. මියගිය දරුවා සිය පියා සමඟ කුඩා නිවසක ජීවත්ව සිට ඇත. 


දරුවාගේ පියා කුලී වැඩ කරමින් ජීවිකාව ගතකර ඇත. දරුවා ගෙල වැලලාගත් කජු ගස අසල ලේ බිඳු කිහිපයක්‌ දක්‌නට තිබීම නිසා මෙය මනුෂ්‍ය ඝාතනයක්‌ විය හැකි බවට ද පොලිසියට සැක මතු වී තිබේ.

0 comments:

Post a Comment