Pages

Subscribe:

Ads 468x60px

රටේ ජනතාවගෙන් බහුතරයක්‌ තමාගේම වාහනයක්‌ ගැන සිහින මවන්නේ නම්


අයවැයටත් පෙර රජය වාහන ආනයනය සඳහා නව බදු ක්‍රමයක්‌ පනවා තිබේ. පසුගිය සතිය පුරාම මේ ගැන විවිධ කතාබහ අසන්නට ලැබිණි.

රජයේ නව බදු ප්‍රතිපත්තිවලට අනුව පසුගිය හත්වැනිදා සිට ආනයනික ජපන් වාහනවල මිල රුපියල් ලක්‍ෂ හතේ සිට දහහත දක්‌වා වැඩි කිරීමට නියමිතය. එපමණක්‌ නොව මේ බදු වැඩි කිරීමට සාපේක්‍ෂව අනෙකුත්

ආනයනික පෙට්‍රල්, ඩීසල් වාහනවල මිල ඉහළ යැමේ ප්‍රවණතාවක්‌ ද තිබේ. මේ නව බදු ප්‍රතිපත්තිය නිසා වාහන ආනයනකරුවන් මෙන්ම වාහනයක්‌ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය ද පත්වන්නේ දැඩි අසීරුතාවකට බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත.

පසුගිය මාසයේ මැද භාගයේදී එක්‌වරම රටේ වාහන මිල ඉහළ ගිය බව කාටත් අමතක නැත. ඒ රුපියල අවප්‍රමාණය වීම නිසාය. ඒ මොහොතේදී ද වාහනයක මිල රුපියල් ලක්‍ෂ 2 දක්‌වා වැඩි වී තිබිණි. දැන් මේ මිල වැඩිවීම සිදුව තිබෙන්නේ ඒ "බර" ගැන ජනතාව හිත හදාගෙන වැඩි කාලයක්‌ යැමට පෙරය. 


සැප්තැම්බර් 22 වැනි දින පළ කළ 1933/16 දරන ගැසට්‌ නිවේදනයට අනුව මේ මිල වැඩිවීම සිදුව තිබේ. මේ බදු පැනවීමට පෙර මෝටර් රථ සඳහා වන ලීසිං ප්‍රතිශතය සියයට හැත්තෑව දක්‌වා අඩු කිරීමට රජය කටයුතු කළේය. 

එය පසුව සියයට අනූව දක්‌වා වැඩි කරන බව කීවත් ඒ ගැන නිශ්චිත ක්‍රියාවලියක්‌ දියත් වන බවක්‌ පෙනෙන්නට නැත. කෙසේ හෝ මේ සියලු දේ මගින් සිදුවන්නේ වාහනයක්‌ ගන්නට සූදානමින් සිටි අයගේ බලාපොරොත්තු කඩවීමය.

දශක කිහිපයකට පෙර පොඩි මිනිහාගේ වාහනය යෑයි කීවේ පාපැදියටයි. එය ක්‍රමයෙන් කාලානුරූපීව වෙනස්‌ විය. වර්තමානය වන විට පොඩි මිනිහාගේ වාහනය යෑයි කිව හැකි වාහන වර්ග ගණනාවකි. ත්‍රිරෝද රිය, කුඩා ප්‍රමාණයේ ඉන්දියන් කාර් රථ සහ හැච් බැක්‌ වර්ගයේ ජපන් වාහන ද ඒ අතර විය. 


විශේෂයෙන් මැද පංතියේ බොහෝ දෙනෙක්‌ගේ ආදායමට සරිලන පරිදි, පෙර තිබූ ලීසිං පහසුකම්වලට ද සරිලන පරිදි ලබාගත හැකිව තිබුණු වාහනද එක්‌වරම සිදු වූ බදු පැනවීමේ ක්‍රියාවලිය තුළ මිලදී ගැනීමේ හැකියාවෙන් තොර කෙරී තිබේ. විශේෂයෙන් මේ මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව ඉන්දියන් වාහනවල මිල ඉහළ යැම ද වැළැක්‌විය නොහැක.

ප්‍රධානතම කාරණය වන්නේ පරිසර හිතකාමී රටක්‌, හරිත නගරයක්‌ ප්‍රාර්ථනය කරමින් ව්‍යාපෘති සකස්‌ කරන රටක පරිසර හිතකාමී වාහනයක්‌ ලෙස සැලකූ හයිබ්‍රිඩ් (දෙමුහුන්) වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීම බොහෝ සෙයින් අඩුවීමය. මේ බදු පැනවීමේ ක්‍රියාවලිය තුළම වාහනයක්‌ නොගන්නටම කරුණු කාරණා යෙදෙන තැනට තවත් බර පැටවීමය. 


ඒ, වාහන ආනයනය සඳහා ණයවර සහතික නිකුත් කිරීමේදී අදාළ වාහනයේ වටිනාකමින් සියයට සියයක්‌ වන මුදලක්‌ බැංකුවේ තැන්පත් කිරීමය. ඒ සඳහා පොලියක්‌ නොගෙවීමට ද රජය තීරණය කර තිබීමය. ඒ අනුව සියයට සියයක ණයවර තැන්පතුවක්‌ තැබීමට නොහැකි අය "වාහන සිහිනය" අත්හැර දැමිය යුතුය.

ජපන් වාහනයක්‌ ගන්නට බොහෝ දෙනෙක්‌ බලාපොරොත්තු වන්නේ ඇයිදැයි යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. තත්ත්වය, කල්පැවැත්ම මේ ආදී වශයෙන් වූ කරුණු කාරණා රාශියක්‌ ඊට හේතු වේ. ජපානයෙන් මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කරන ලද වාහනය. නව බද්ද විශාල වශයෙන් බලපෑමක්‌ කරන්නේ ඒවාටය.

රජය මෙවැනි පියවරකට යැමට හේතු වූ කාරණය ලෙස දක්‌වන්නේ පසුගිය මාස අටක කාලය තුළ මෙරටට ඔරොත්තු නොදෙන ආකාරයෙන් වාහන ගෙන්වීම බවය. 


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2015 වර්ෂයේ මුල් මාස 08 තුළදී පමණක්‌ වාහන හාරලක්‍ෂ අනූඑක්‌දහස්‌ හයසිය විසිඅටක්‌ ලියාපදිංචි කර තිබේ. එහෙත් සැලකිය යුතු කාරණය වන්නේ මෙරටට ගෙන්වන ත්‍රිරෝද හා යතුරුපැදි ආනයනය කිරීම තරමට රෝද හතරේ වාහන මෙරටට ගෙන්වීම ඉහළ ගොස්‌ නැති බවය.

රටේ ජනතාවගෙන් බහුතරයක්‌ තමාගේම වාහනයක්‌ ගැන සිහින මවන්නේ "ඇති හැකි" වීම නිසාම නොවේ. අමාරුවෙන් හෝ වාහනයක්‌ මිලදී ගත් විට තමාගේ කාර්යයන් (විශේෂයෙන්ම ප්‍රවාහනය) පහසු වන නිසාය. තවමත් නිසි පොදු ප්‍රවාහන ක්‍රමයක්‌ රට තුළ දකින්නට නැත. 


ජනතාව පොදු ප්‍රවාහන සේවාවලදී සියලු වැඩ කටයුතු පමා කරගනිමින් දැඩි පීඩාවකට පත්වන බව නොදන්නා කිසිවෙකුත් නැත. වාහන බදු පනවන්නට පෙර කල්පනා කළ යුතු කාරණා අතර එය අංක එකට තිබේ. පොදු ප්‍රවාහනයට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඇත්නම් ජනතාවට තමන්ගේම වාහන වුවමනා වන්නේ ද නැත.

0 comments:

Post a Comment