Pages

Subscribe:

Ads 468x60px

සේයාගේ ඝාතකයා සමන් ජයලත් බවට ප්‍රබල සාක්‍ෂියක්‌


මහත් ආන්දොලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්‍රබල සාක්‍ෂියක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

සමන් ජයලත්ගේ ඩී. එන්. ඒ. වාර්තාව ද මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සේයා දැරියට අතවර කර ඇයට කෲර වධහිංසා පමුණුවා ඝාතනය කර එහි වරද තම සොහොයුරා වන

කොණ්‌ඩයා පිට පවරා සමන් ජයලත් බේරී යැමට උත්සහ කළ බව මේ වන විට අනාවරණය වී ඇත.

අපරාධ සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වසර 6 කට ආසන්න කාලයක්‌ බන්ධනාගාර ගතව සිටි අයෙකි. මොහු සේයා ඝාතනය සිය සොහොයුරා පිට පවරා පොලිසිය ද නොමග යවා තිබූ බවද හෙළිවී තිබේ.

සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ය. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොණ්‌ඩයා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී සේයා ඝාතනයට සමන් ජයලත්ගේ සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැක පහළ විය. සමන් ජයලත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කළේ ඉන් පසුවය.


විද්‍යා-සේයා මාරයන්ට මරණ දඬුවම ඉල්ලා යාපනයෙන් සංදේශයක්‌ - යාපනයේ සිට දින 8ක්‌ පා ගමනේ...

යාපනයේ විද්‍යා පාසල් සිසුවිය සහ කොටදෙණියාවේ සේයා දැරිය දූෂණය කර ඝාතනය කළ අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සංදේශයක්‌ යාපනයේ සිට පාගමනින් පැමිණි පිරිසක්‌ ඊයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වෙත භාර දුන්හ.

මෙම අපරාධකරුවන්ට කිසිදු සමාවක්‌ ලබානොදී ඔවුන්ට එරෙහිව නොපමාව එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන ලෙස අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්‌ කරන බවද ඔවුහු මෙහිදී ප්‍රකාශ කළහ.

විද්‍යා සිසුවියගේ මව, ඥතීන්, හිතවතුන් සහ ගමනාගමන මණ්‌ඩලයට අයත් සේවකයෝ විශාල පිරිසක්‌ මෙලෙස පුරා දින 8 ක්‌ තිස්‌සේ යාපනයේ සිට කොළඹට පැමිණියහ.

ළමා අපචාර සිදු කරමින් ඔවුන් ඝාතනය කළ අපරාධකරුවන්ට ගැලවී යැමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගනිමින් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවත් එම පිරිස ඉල්ලා සිටියහ.


 

0 comments:

Post a Comment