Pages

Subscribe:

Ads 468x60px

මීටර් 400ක්‌ පළල අබිරහස්‌ ග්‍රහකයක්‌ අද අප ළඟින් යයි


මීටර් හාරසියයක්‌ පමණ පළල ග්‍රහකයක්‌ අද (31 වැනිදා) පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය තහවුරු කර ඇත. එය පෘථිවිය හෝ හඳ මත ගැටීමක්‌ සිදු නොවන බැවින් අනවශ්‍ය බියක්‌ ඇතිකර නොගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මෙම ග්‍රහකය මීටර් 400 ක්‌ පමණ පළල වන අතර හඳෙහි ගමන් මාර්ගයට තරමක්‌ ඈතින් ගමන් කරනු ඇත. පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක්‌ පෘථිවියේ සිට ඈතින් තත්පරයට කිලෝමීටර් 35 ක පමණ

  වේගයෙන් ගමන් කරයි. මෙම ග්‍රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක්‌ සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක්‌ ඇතිකරගත යුතු නැත.

මෙම ග්‍රහකය 2015ඔඊ145 ලෙස අංකනය කර තිබේ. සෙනසුරාදා රාත්‍රියෙහි 'දඩයක්‌කාරයා' තාරකා රූපය පසුබිමෙන් මෙය ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය පියවි ඇසට නිරීක්‍ෂණය කළ නොහැකි අතර අඟල් 8 ක්‌ හෝ ඊට වැඩි විශ්කම්භයක්‌ සහිත දුරේක්‍ෂයක්‌ තුළින් ඉතා පැහැදිලි අහසකදී නිරීක්‍ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස්‌ කරයි.

නැවත මෙවැනි ග්‍රහකයක්‌ 2027 දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර 800 ක්‌ පමණ වන බව අනාවරණය කරගෙන ඇත.

මීට අමතරව නොවැම්බර් 13 වැනිදා තවත් අභ්‍යවකාශ වස්‌තුවක්‌ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට කිලෝමීටර 65 ක්‌ පමණ දුරින් මුහුදට වැටෙන බව සොයාගෙන ඇත. මෙම ආකාශ වස්‌තුව මීටර් 2 ක්‌ පමණ දිග වන අතර සඳට යවන ලද යානයක කොටසක්‌ විය හැකි බව විශ්වාස කරයි. එබැවින් එම දිනවල දකුණු මුහුදු වෙරළ ප්‍රදේශ යට යැම අවදානම් සහිතය.

0 comments:

Post a Comment