Pages

Subscribe:

Ads 468x60px

පුරුකක්‌ පුරුකක්‌ ගානේ කොලයයි කරලයි සරුවට පීදෙන - ස්‌වයංජාත ඇල් වී යළිත්

ස්‌වයංජාත ඇල් (හාල්) වී ශාකය නැවතත් ගොවි බිම්වලට පැමිණ තිබේ.

මෙම ස්‌වයංජාත ඇල් (වී) ප්‍රභේදය අඩි 09 - 10 පමණ අසට වැඩෙන අතර සාමාන්‍ය ගොයම් ගහක්‌ මෙන් නොව ප්‍රධාන වී කරල ඇවිත් එතනින් නවතින්නේ නැතිව පුරුකක්‌ පුරුකක්‌ ගානේ කොලයයි කරලයි විදියට මාරුවෙන් මාරුවට පීදී ප්‍රධාන ගහ මැරෙන විට තවත් පඳුරු රාශියක්‌ දමමින් දිගටම පැවතීම මෙහි ඇති විශේෂත්වයයි.

කිසිම පොහොරක්‌ වල් නාශකයක්‌ නොමැතිව ස්‌වයංජාත ඇල් වී වගා කළ හැකි වීම එහි විශේෂත්වයයි. අකුරැස්‌ස සාගරිකා මහත්මියගේ ගෙවත්තේ ද ස්‌වයංජාත ඇල් වී කරල් පීදී ඇති අයුරු අපට දැක ගත හැකිවිය.

සරුවට පීදුන ස්‌වයංජාත (ඇල්වී) පඳුර පෙන්වන සාගරිකා මහත්මිය ඡායාරූපයෙන් දැක්‌වේ.

0 comments:

Post a Comment