Pages

Subscribe:

Ads 468x60px

කොණ්‌ඩයා කෝටි 05 ක වන්දියක්‌ ඉල්ලයි


මිනුවන්ගොඩ කොටදෙනියාව පදිංචිව සිටි සේයා සදෙව්මි නමැති 5 හැවිරිදි දැරිය ඝාතනයට කිසිදු සම්බන්ධයක්‌ නැති තමා දින ගණනාවක්‌ අත්අඩංගුවේ රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් පොලිස්‌ නිලධාරීන් ගෙන් රුපියල් කෝටි 05 ක වන්දියක්‌ අයකර දෙන්නැයි ඉල්ලා
බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

පොලිස්‌පති රහස්‌ පොලිස්‌ අධ්‍යක්‍ෂ බී. ආර්. එන්. ආර්. නාගහමුල්ල රහස්‌ පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත රත්නායක පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු 32 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිසියට බියෙන් කැලයක සැඟවී සිට පසුදින කනත්තක සිටියදීය. එම දැරිය දූෂණය කර මරා දැම්මානේදැයි විමසමින් පොලිස්‌ නිලධාරීන් කීප දෙනෙක්‌ විවිධාකාරයෙන් වධ හිංසා වලට භාජනය කරමින් ඔහුට පහරදී ඇත.

පෙත්සම්කරු දිගටම පවසා ඇත්තේa එම දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක්‌ නැති බවයි. මාධ්‍ය ප්‍රකාශක තමා අපරාධකරුවකු ලෙස හඳුන්වා දෙමින් විටින් විට මාධ්‍යවලට ප්‍රකාශ කළ බවත් සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්කළ බවටත් පෙත්සමෙන් ඔහු චෝදනා කර ඇත.

මේ සිද්ධියේදී ඔහුගේ හැසිරීම හා ක්‍රියා කලාපය ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පොලිස්‌පතිට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

නීතිඥ උදුල් ප්‍රේමරත්න මගින් පෙත්සම ගොනුකර තිබිණි.

0 comments:

Post a Comment