Pages

Subscribe:

Ads 468x60px

වෙද මහත්තයායි නෝනයි එකටම අවසන් ගමන් යති

පුරා අඩසියවසක්‌ පාරම්පරික වෛද්‍ය වරයකු වශයෙන් අමිල වූ ජනතා මෙහෙවරක්‌ ඉටු කළ සමාජ සේවකයකු තම බිරිඳ සමඟ එක්‌ව අවසන් ගමන් යැමේ සංවේගජනක සිදුවීමක්‌ උඩුපුස්‌සැල්ලාව කුරුපනාවෙල ගම්මානයෙන් වාර්තා වෙයි.

පාරම්පරික විශේෂ වෛද්‍ය පී. එන්. එම්. ජිනදාස මහතා (අවු(80) කෙටි කලක්‌ රෝගාතුරව සිට පසුගිය 22 දා මියගොස්‌ ඇත. ඒ මහතාගේ වෛද්‍ය සේවාවේදී සියලු පහසුකම් සපයමින් සෙවණැල්ල මෙන් සිටි බිරිඳ එම්.

මුතුමැණිකා මහත්මියට (අවු(71) මෙම මරණය දරාගත නොහැකි තරමේ වේදනාවක්‌ විය. 

නමුත් සියල්ල ඉවසා ගනිමින් තම සැමියාට අවසන් ගෞරව දක්‌වන්න එන දහස්‌ ගණනක්‌ ජනතාවට සංග්‍රහ කළේ මරණය කාටත් පොදු ධර්මතාවක්‌ බව කියාදෙමිනි. 

තම සැමියා අවසන් ගමන් යැමට නියමිතව සිටි 24 දින අලුයම ජීවිතයේ අනියත බව අවබෝධ කොටගෙන ධාර්මිකව ජීවත්වන ලෙස දරු මුණුබුරන්ට අවවාද කළ මේ මාතාව දේහය අසලට පැමිණ වැඳ ආචාර කොට අසල වූ පුටුවකට බරවී දෑස්‌ පියාගෙන ඇත. 

වෙහෙසකර බව නිසා තම මවට නින්ද ගොස්‌ ඇතැයි සිතූ දරුවෝ පැයකට පමණ පසු අවදි කිරීමට උත්සාහ දරා ඇත. නමුත් ඒ වන විට ඇය සදහටම දෙනෙත් පියාගෙන ඇත.

අපේ අම්මයි තාත්තයි අඩසිය වසක්‌ පුරාවට එක රුපියලක්‌ හෝ නොගෙන පාරම්පරික විෂ සහ කැඩුම් බිඳුම් වෙදකම තුළින් සුවපත් කළ රෝගීන් දහස්‌ ගණනකි. ඒ අතර විවිධ ජාතීන් හිටියා. විවිධ ආගමිකයන් හිටියා. නමුත් ප්‍රතිකාර අවසානයේ හැම රෝගියකුටම සෙත් පිරිත් කියා ආශීර්වාද කිරීම මෙම දෙදෙනාගේම පුරුද්ද වුණා. 


ප්‍රතිකාර ගන්න එන අන්‍ය ආගමිකයොත් අපේ අම්මා තාත්තා පිරිත් කියනකොට වැඳගෙන අහගෙන ඉන්නවා. මේ දෙන්නා පෙරුම්පුරන බෝසත්වරු. නවරත්න වෙද යුවළගේ වැඩිමහල් දියණිය වූ කොළඹ ජාතික රෝහලේ සේවය කරන ප්‍රියාණි නවරත්න මහත්මිය පැවසුවාය. 

ශ්‍රියාණි මහත්මිය සහ කොළඹ දන්ත රෝහලේ සේවය කරන සුනිල් කුමාරදාස යන දෙදෙනා මේ යුවළගේ වැඩිමල් දරුවෝ වෙති. ධර්මසිරි නවරත්න සහ සෞම්‍යලතා නවරත්න යන බාල දරු දෙදෙනා මව්පිය අඩිපාරේ යමින් ගම් ප්‍රදේශයේම සමාජ සේවාවේ නිරතව සිටිති. 

වලපනේ නුවරඑළිය උඩුපුස්‌සැල්ලාව වැලිමඩ, ඌවපරණගම යන ප්‍රදේශවල ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවී සිටි නවරත්න වෙද මහත්තයා සහ වෙද හාමිනේ 25 දින සවස වතුලන්ද පොදු සුසාන භූමියේදී අවසන් ගමන් යැමට නියමිතය.

0 comments:

Post a Comment