Pages

Subscribe:

Ads 468x60px

අද (12) සහ හෙට (13) දකුණු මුහුදට එන්න එපා!


අද (12) සහ හෙට (13) දකුණු මුහුදේ ධීවර කටයුතුවලින් ඉවත් වන්නැයි ධීවර අමාත්‍යංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, හෙට දිනයේදී දකුණු මුහුදු තීරයට අභ්‍යවකාශ කොටසක් පතිත වනු ඇතැයි අපේක්ෂා කිරීම හේතුවෙන්.

විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අන්දමට හෙට පෙරවරු 11.45ට පමණ එම අභ්‍යවකාශ කොටස දකුණු මුහුදු තීරයට පතිත වීමට නියමිතයි.

එහි අධික වේගය හා උෂ්ණත්වය නිසා මුහුදේ හෝ ගුවනේ හෝ ගොඩබිමේ කිසියම් වස්තුවක ගැටීමක් සිදුවුවහොත් සැලකිය යුතු

හානියක් සිදුවිය හැකි බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නාවික සහ ගුවන් ගමන් පැය 2කට අත්හිටුවන ලෙස විද්‍යාඥයින් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් ධීවර අමාත්‍යංශය වඩා ආරක්ෂාකාරී පියවරක් ලෙසයි දින දෙකක කාලයක් ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ධිවර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ.

0 comments:

Post a Comment