Pages

Subscribe:

Ads 468x60px

විදුලිසැර වැදී මුලු මුහුණම අහිමි වූ තරුණයාගේ සංවේදී වීඩියෝව නරඹන්න (VIDEO)


හිස ප්‍රදේශයට අධි බලැති විදුලි සැර වැදීම හේතුවෙන් තම මුහුණ සදහටම අහිමි වූ පුද්ගලයෙකු පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත් වූ 25 හැවිරිදි තරුණයෙකු අධි බලැති විදුලි රැහැන් ගෙන යන විදුලි කණුවක තීන්ත ආලේප කරමින්
සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ අතර අනතුරින් ඔහුගේ දෑස් සහ නාසය සම්පූර්ණයෙන්ම අහිමි විය.

එසේම ඔහුගේ මුඛය සහ උගුර ප්‍රදේශයට සිදු වූ හානි නිසා නිසි පරිදි කථනය සිදු කිරීමට ද නොහැකිව සිටි මෙම තරුණයාට මුහුණක් බද්ධ කිරීමට අමෙරිකානු වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණි.

අනන්‍යතාව හෙළි නොකළ දායකයෙකුගේ මුහුණක් ඔහුට බද්ධ කළ අතර එය අමෙරිකා එක්සත් ජනපදය තුළ සිදු කෙරුණු පළමු සම්පූර්ණ මුහුණු බද්ධය ලෙස ඉතිහාසයට එක් වේ.

අනතුරින් තම මුහුණ අහිමි වූ එම තරුණයාගේ වීඩියෝව සහ එම මුහුණු බද්ධය සිදු කළ අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

(සංවේදී දසුන් සහිතයි)

0 comments:

Post a Comment