Pages

Subscribe:

Ads 468x60px

අයවැයෙන් වාහන මිල අද (23) සිට ඉහළට...!


අයවැයෙන් පැන වූ බදු හේතුවෙන් ඉහළ යන වාහන මිල ගණන් අද (23) සිට බලපැවැත්වෙනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සම්පත් මෙරන්චිගේ මහතා සඳහන් කළේ රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ 25ක් දක්වා රථ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බවයි.

ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කෙරුණේ ධාරිතා ඝන සෙන්ටිමීටර් ප‍්‍රමාණය මත පදනම් වූ නිෂ්පාදන බද්දක් හඳුන්වා

දීමටයි. එමෙන්ම ඇතැම් වාහන සඳහා ප‍්‍රතිශතය මත පදනම්ව බදු අනුපාත සංශෝධනය කිරීමටද යෝජනා කෙරුණා.

මේ හේතුවෙන් මරූටි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකහමාරකින් පමණ වැඩිවනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 4කින් පමණ ඉහළ යනු ඇති. එන්ජින් ධාරිතාව දහසක් වන මෝටර් රථ වලට පනවා ඇති බදු සියයට 50 සිට සියයට 70 දක්වා ඉහළ යන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

හයිබි‍්‍රඩ් වර්ගයේ මෝටර් රථවලට පැනවූ බදුද සියයට 10කින් පමණ ඉහළ දැමෙනු ඇති. එ් අනුව ඇක්වා වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5ත් 6ත් අතර මිලකටත්, පි‍්‍රයස් වර්ගයේ  මෝටර් රථයක මිල ලක්ෂ 7කින් පමණ ඉහළ යනු ඇති බවටයි විශ්වාසය පළ කෙරුණේ.

විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථයකට පැන වූ බදුද සියයට පහේ සිට සියයට 50ක් දක්වා ඉහළ යනු ඇති බව සම්පත් මෙරන්චිගේ මහතා සඳහන් කළා. එ් අනුව එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 25කින් පමණ ඉහළ යනු ඇති.

වෑන් රථ සඳහා පැනවූ බදුද සියයට 85 සිට සියයට 150 දක්වා ඉහළ යාමට නියමිතයි. එ් අනුව වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 25කින් පමණ ඉහළ යනු ඇති.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්චිගේ මහතා කියා සිටියේ වාහන වැනි ක්‍ෂේත‍්‍රයක් සඳහා බදු පැනවීමේදී රජයක් ප‍්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එ් මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන්, හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් ධාවනය වන වාහන සඳහා වන නිෂ්පාදන බද්ධ සියයට 2 යි දශම 5කින් අඩු කිරීමටයි අයවැයෙන් යෝජනා කෙරුණේ.

0 comments:

Post a Comment