Pages

Subscribe:

Ads 468x60px

මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි


හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් යැයි ප්‍රදේශවාසීහු පවසති.

සිංහ කොඩියේ සිංහයාගේ කඩුවට ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ඇතුළු කර ‘රටට උපන් දිනයක් ලබා දුන් ඔබට සුබ උපන්

දිනයක්‘ යනුවෙන් මුද්‍රණය කර ඇත.

ජාතික කොඩිය විකෘති කළ නොහැකි බවත්, මේ සිද්ධිය ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිංහකොඩිය විවෘත කිරීම දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ස්වදේශ අමාත්‍යංශය කියයි. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජාතික කොඩිය භාවිතය පිළිබඳ රීති සංග්‍රහයේ දැක්වෙනුයේ කොඩිය කිසිම ආකාරයක විකෘති කළ නොහැකි බවයි.

කිසිදු ආකාරයක භාණ්ඩ හෝ වෙනත් ඕනෑම දෙයක්, ලාංඡනයක්, අකුරක්, රූපයක්, මෝස්තරයක්, පින්තූරයක් තැබීම නොකළ යුතු බව ද එහි සඳහන් ය.

0 comments:

Post a Comment