Pages

Subscribe:

Ads 468x60px

මතට ඇබ්බැහි වී සිරගෙදර සිටින ඇමති පුතා.


වත්මන් රජයේ ඇමතිවරයෙකුගේ පුතෙකු ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා මහර බන්ධනාගාරගතව සිටින බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (16) ගෑගල්ලේ දී පවසා තිබෙනවා.

ඇමතිවරයා මේ බව පැවසුවේ මත්ද්‍රවය නිවාරණ කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ දී "මතින්

නිදහස් රටක්" යන තේමාව යටතේ පැවති වැඩසටහනට සහභාගී වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වැඩිදුරටත් පැවසු
වා.

"රාමසාන් උත්සවය වෙනුවෙන් අපේ පවුල මහර බන්ධනාගාරයේ සිරකරුවන්ට වාර්ෂිකව පිරිනමන දානමය වැඩසටහනට මා සහභාගි වූණා.

එදින දහවල් ආහාර පිරිනැමීමෙන් පසුව එක්තරා තරුණයෙකු මා ළඟට ආවා.ඔහු ඇවිත් කිව්වා.මම අහවල් ඇමතිගේ පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා මට මෙහේ එන්න සිද්ධ වුණා කියලා.


මේ ඇමතිවරයා මම හොඳින් දන්නවා.තාත්තා මේ ගැන දන්නේ නැද්දැයි මම ඒ පුතාගෙන් ඇසුවා.තාත්තා දන්න බව ඔහු කිව්වා.මේ ඇමති තාත්තා මම හොඳින් දන්න නිසා ඒ ගැන ඔහුගෙන් ඇහුවා.ඔහු මට සියලු දේ කිව්වා.පුතා දෙවැනි වතාවටත් සිරගතව ඉන්ත බවත් ඔහු කිව්වා.

පළමුවර පුතා නිදහස් කරගෙන ගෙදර ගෙනාවාම ඔහු අම්මට ගැහුවා.ගෙදර තියෙන දේවල් හොරකම් කළා.ඒවා විකුණලා මත්ද්‍රවය පානය කළා.එයා හදන්න බැරි බව" ඔහු තමා සමග පැවසු බවත් කබීර් හෂීම් මහතා සඳහන් කළා.


කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කරද්දි සභාවේ සිටි සියලු දෙනා විමතියට පත්වු බවද වාර්තාවනවා.

0 comments:

Post a Comment