Pages

Subscribe:

Ads 468x60px

පීඩන අවපාතය දුර්වල වී වැසි අද අඩුවෙයි


බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක්‌ බවට පත්වීම නිසා දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17 වැනිදා) යම්දුරකට අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් උතුරු පළාතේ සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි ද අනෙක්‌ පළාත්වල සවස 2 න් පසු ගිගුරුම් සහිත

වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්‌වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකි බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17 වැනිදා) මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවට අනතුරු අඟවයි.

0 comments:

Post a Comment