Pages

Subscribe:

Ads 468x60px

පැරිස් නුවර ශ‍්‍රී ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ මධ්‍යස්ථානයක් (UPDATE)


ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානි සිදුවූ බවට තවමත් තොරතුරු වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ අමාත්‍යංශය මගින් තවදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බවයි එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර ප්‍රංශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළීබඳව දැනගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයකද විවෘත කරන බවයි ශ‍්‍රී ලංකා තානාපති තිලක්
රණවිරාජා මහතා පැවසුවේ.

ප‍්‍රංශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 3ක් ද විවෘතයි. 00 33 155 733 126, 00 33 155 731 835, 00 33 155 733 128 එම දුරකථන අංක වනවා.

පැරිස් ප්‍රහාරයට පැමිණි 05ක් මරුට (UPDATE)
2015-11-14 07:20:10

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 150 ඉක්මවා තිබෙනවා.

පැරිස් නුවර බැටක්ලෑන් කලාගාරය අසලදී සහ තවත් ස්ථාන කිහිපයකදී එල්ල වූ වෙඩි ප‍්‍රහාර සහ තවත් පිපිරීම් කිහිපයකින් මෙම පිරිස ජීවිතක්ෂයට පත්වුණා.

බැටක්ලෑන් කලාගාරය අසල ප‍්‍රහාරයෙන් පමණක් සියයකට වැඩි පිරිසක් මියගිය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ප‍්‍රහාරයෙන් පසු කලාගාරය තුළ සිටි පුද්ගලයින් පිරිසක් ප‍්‍රහාරයකයින් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි අතර ප‍්‍රංශ පොලිසිය සිදුකළ මෙහෙයුමකින් පසු ඔවුන් මුදාගැනුණා.

එහිදී ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයින් 05දෙනෙකු මියගොස් ඇති බවයි ප‍්‍රංශ පුවත් සේවය පැවසුවේ. මේ හේතුවෙන් ප‍්‍රංශය තුළ හදිසි තත්ත්වයක් ද ප‍්‍රකාශයට පත්කළා.

ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් පැනයාම වැළැක්වීමට එරට දේශ සීමා ද වසා දමා තිබෙනවා. ප‍්‍රංශ පොලිසිය මහජනතාවට දැනුම් දී ඇත්තේ නිවාස තුළම රැඳී සිටින ලෙසයි.

පැරිස් නුවර ප්‍රහාරයෙන් සියයකට වැඩි පිරිසක් මියයයි (UPDATE)
2015-11-14 06:50:10

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේ වන විට එරට ප‍්‍රධාන නගර සියල්ලේම ආරක්ෂාව තරකර තිබෙනවා.

පැරිස් නුවරට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු හදිසි තත්ත්වයක් ද ප‍්‍රංශ රජය මගින් ප‍්‍රකාශයට පත්කළා. පැරිස් නුවරට එල්ල වූ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ප‍්‍රහාරය එල්ල කළ පාර්ශ්වය කවුරුන්දැයි නිශ්චිතව දක්වා නැහැ. වෙඩි ප‍්‍රහාර සමග පැරිස් නුවර ස්ථාන කිහිපයක පිපිරීම් ද වාර්තා වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ප‍්‍රාණ ඇපයට ගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාව 60ක් පමණ වන බව ප‍්‍රකාශ වුවත් එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවද විදෙස් වාර්තා වල දැක්වෙනවා.

------------------------------------------------------------

ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්
2015-11-14 06:20:10

ප්‍රංශයේ පැරිස් අගනුවරට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකින් සහ Stade de France ප්‍රදේශයේ හටගත් පිපිරීම් කිහිපයකින් සියයකට අධික පිරිසක් මරුමුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

බත්කලාන් කළා මධ්‍යස්ථානය අසලදී 15 දෙනකුවත් මරා දමා ඇති බව පවසන ප්‍රංශ ජනමාධ්‍ය, 60 කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවාගෙන සිටින බවද පැවසෙනවා.

මේ හේතුවෙන් ප‍්‍රංශයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.


People hug on the street near the Bataclan concert hall following fatal attacks in Paris, France,  Paris attack 11221705_10153062649081467_2272398851840238787_n

2E6D55BF00000578-3318075-image-a-19_1447465065333 2E6D540B00000578-3318075-image-a-18_1447464842560 Paris-Attack-copy Paris-Terror-Attack-2
 20151114_PARIS_HP-slide-RRKW-jumbo 151113225556_paris_attacks_624x351_reuters_nocredit gty_paris_attacks_06_jc_151113_12x5_1600 PARIS attack fb

0 comments:

Post a Comment