Pages

Subscribe:

Ads 468x60px

ඊයේ සෞදියේදී 50 දෙනකුට ගල් ගසා මරයි ශ්‍රී ලාංකික කාන්තාව ඒ අතර නැහැ


විවිධ චෝදනාවලට වරදකරුවන් වූ පනස්‌ දෙනකුට සෞදි අධිකරණය මගින් ලබා දී තිබූ තීන්දුවලට අනුව ඊයේ (04 වැනිදා) ප්‍රසිද්ධියේ ගල්ගසා මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

මරදානෙන් සෞදියට ගොස්‌ එරටදී ශ්‍රී ලාංකික පුද්ගලයකු සමඟ අඹුසැමියන් ලෙස හැසිරී වරදකාරිය බවට පත්ව සිටි ශ්‍රී ලාංකික කතට

ඊයේ (04 වැනිදා) දඬුවම් ලබා දී නැති අතර ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අනුව මරණ දඬුවම ටික දිනකට කල් දැමීමට තීරණය කර ඇත.

මෙම මරණ දඬුවමට ලක්‌වූ පිරිස අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු හෝ නැතැයි සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සනාථ කර ඇත.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු විවිධ වැරදිවලට ලක්‌ව එරට සිර දඬුවම් හා මරණ දඬුවමට ලක්‌කර ඇතැයි ද තානාපති කාර්යාලය සඳහන් කරයි.

0 comments:

Post a Comment