Pages

Subscribe:

Ads 468x60px

පැහැරගෙන බලෙන් ‍ලේ ගත් කතාව බොරු.

තමා වෑන් රථයකින් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන බර මැන රුධිරය බලහත්කාරයෙන් ගෙන නිදහස් කළ බවට කොම්පඤ්ඤ වීදිය පොලීසියට පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා කොළඹ කිව් පාරේ පිහිටි වායු

සමීකරණ ආයතනයක සේවයේ නිරතව සිටින්නෙකි. ඉකුත් 28 වෙනි සෙනසුරාදා ඔහු මැ‍ලේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී වෑන්

රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන වෑන් රථයේ තිබුණු තරාදියකින් බර කිරා ‍ලේ ගත් බව කොම්පඤ්ඤවීදිය ‍පොලීසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත. 

තමා පැහැරගත් අය අත ගිනි අවි පවා තිබුණු බව ඔහු එහිදී සඳහන් කර තිබේ. ‍ලේ ලබා ගැනීමෙන් පසු බොන්නට බිම වර්ගයක් දුන් බවත් එහිදී තමාට සිහිමද ගතියක් ඇති වුණු බවත් මීගමුවේදී ඔවුන් තමාව අතහැර ගිය බවත්, වැඩිදුරටත් ඔහු ‍පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබුණි.

එම පුද්ගලයා වහාම අධිකරණ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමට ‍පොලීසිය එහිදී පියවර ගෙන තිබිණි. 


එම පුද්ගලයා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා විසින් සඳහන් කර ඇත්තේ රුධිරය ගැනීමත් තබා එන්නත් කටුවක්වත් සිරුරට ඇතුළුකර ඇති බවක් පෙනෙන්නට නොමැති බව යැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ පුද්ගලයා පැහැරගත්තේ යැයි සඳහන් මැ‍ලේ වීදියේ ආරක්ෂක කැමරා පද්ධතියක් ඇති බවත් එම ආරක්ෂක කැමරා පද්ධතියේද එවැනි පැහැර ගැනීමක් තබා එම පුද්ගලයා එම මාර්ගයේ ඒ කියන මොහොතේ ගමන්කර ඇති බවක්වත් සටහන්ව නැති බවද රුවන් ගුණසේකර මහතා පැවැසුවේය.


ඒ අනුව ‍පොලීසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment