Pages

Subscribe:

Ads 468x60px

ගර්භාෂ දෙකක් සහිත මවක් බිළිදියන් දෙදෙනෙකු බිහිකරයි

ගර්භාෂ දෙකක් සහිතව සිටි කාන්තාවක් එකවර ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහි කිරීමේ දුර්ලභ සිද්ධියක් දඹුල්ල මහ රෝහලෙන් වාර්තා වනවා.

එම දරුවන් බිහිකළේ දඹුල්ල කණ්ඩලමේ ප‍්‍රදේශයේ පදිංචි
දිලීකා ප්‍රියදර්ශනි නම් 20 හැවිරිදි වියේ මවකි. මෙය ඇයගේ කුළුඳුල් දරු ප‍්‍රසුතිය විම ද විශේෂත්වයකි.

සැත්කම සිදුකළ දඹුල්ල මහරෝහලේ ප‍්‍රසව හා නාරීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසුරිය මහතා  කියා සිටියේ, එම දරුවන් දෙදෙනා ගර්භාෂ දෙකක පිහිටීම ඉතා දුර්ලභ සිද්ධියක් බවයි.


ගර්භාෂයේ පටලය දෙකට බෙදී ඒ දෙකෙහි වෙන්වෙන් වශයෙන්  කළල හට ගැනීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු කියති. කාන්තාවන් දස ලක්ෂයකින් එක් අයකුට මෙවන් දරුවන් බිහිවිය හැකි බව වෛද්‍ය මතයයි. 2006 දී බ්‍රිතාන්‍යයේදී මවකගේ වෙන්වෙන්ව පිහිටි ගර්භාෂ දෙකකින් දරුවෝ තිදෙනෙක් බිහි වුහ.  

දඹුල්ල කුඹුක්කදන්වල පදිංචි දිලීකා ප්‍රියදර්ශනි (20) මව සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදුකිරීමේදී එක කුසේ ගර්භාෂ දෙකක් තුළ ගැහැනු දරුවන් දෙදෙනකු සිසේරියන් සැත්කමක් මඟින් බිහි කළාය.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය මහතා කියා සිටියේ ලෝකයේ ඉතාමත් විරලව මෙවැනි ගර්භාෂ දෙකක් පිහිටා ඇති කාන්තාවන් ඇති බවත්, එවැනි අයට බොහෝ දුරට දරැපල නොමැති බවත්ය. එහෙත් වාසනාවකට මේ මවට එකම කුසේ ගර්භාෂ දෙකක දියණියන් දෙදෙනකු ඉතා නීරෝගීව සිට මෙලොව එළිය දුටු බව හෙතෙම පැවැසීය.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා කියා සිටියේ තමන් මෙවැනි සිසේරියන් සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව බවයි. කල්තියා දරුවන් දෙදෙනෙකු සිටින බවට හඳුනාගෙන තිබුණද ගර්භාෂ දෙකක් පිහිටා ඇති බව සැත්කම කරන තුරු අනාවරණය නොවූ බවද හෙතෙම පැවැසීය.

දරුවන් දෙදෙනා බිහිකළ මව වන දිලීකා ප්‍රියදර්ශනි මහත්මිය කියා සිටියේ සැත්කම වන තුරු ගර්භාෂ දෙකක් ඇතිබව තමන් නොදැන සිටි බවයි.

දරුවාගේ පියාවන සමන් කුමාර මහතා කුලීවැඩ සහ ගොවිතැන් කරන අයෙකි. දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සෙල්වා තුෂාන්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ඉන්දික සේනාරත්න, සීමාවාසික වෛද්‍ය දනුෂ්ක ජයසේකර, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වී. දසනායක, වෛද්‍ය ජී. කේ. පී. බටගල්ල , වෛද්‍ය ඉන්දික වෙදගෙදර, ළමාරෝග විශේෂඥ සූරින් ජයවර්ධන මහත්වරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මේ විරල සැත්කම සිදු කළහ.




1 comments:

Anonymous said...

ඩොකාට හෙන ගහන්න ඕනේ.scan කරලත් බඩ කපනකන් ගර්භාෂ දෙකක් තියනවා කියලා දැකලා නෑ.

Post a Comment