Pages

Subscribe:

Ads 468x60px

දරුවාට අතවර කරන්න හැදූ ත්‍රිරෝද රථ රියෑදුරුට අම්මා පන්න පන්නා ඉදලෙන් ගහන හැටි

වයස අවුරුදු 14 ක්‌ වූ පිරිමි දරුවකු ලිංගික අපයෝජනය සඳහා යොදා ගැනීමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියදුරෙකුට දරුවාගේ මව විසින් ඉදලෙන් පහරදී පන්නා දමා දරුවා බේරාගෙන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ත්‍රිරෝද රථ රියදුරු සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා.

10 වැනි දා රාත්‍රි 9.00 ට පමණ මෙම සිද්ධිය වී ඇත. සැකකරු ගෝනගං ආර වගුරුවෙල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක අයෙකි. සිද්ධියට මුහුණ දුන් දරුවාගේ පියා නැත.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

දරුවන්ගේ මව රුපියල් 7000 ක වැටුපකට අසල්වැසි නිවසක දරුවකු බලා ගැනීම සඳහා දිනපතා උදැසන පිටවගොස්‌ රාත්‍රි 7.00 පමණ වනවිට නිවසට පැමිණෙන්නේ ආච්චිට දරු දෙදෙනාගේ වගකීම පවරමිනි.


සිද්ධිය වූ දිනයේ සවස 6.00 ට පමණ අදාළ නිවසට පැමිණි සැකකරු පිරිමි දරුවා ත්‍රිරෝද රථයට කැඳවා ටොපි, චොකලට්‌, කඩල ආදිය කන්නට දී හිතවත් කමක්‌ ගොඩනගා ගන්නට උත්සාහ දරා ඇත.

ඒ අතර දරුවාගේ ආච්චි අම්මා වෙත සැමියා නොමැති කාන්තාව සඳහා විවාහ යෝජනාවක්‌ද සැකකරු විසින් ඉදිරිපත් කර ඇත. ආච්චි අම්මා ඒ සඳහා පිළිතුරු දී ඇත්තේ ගිනි පෙල්ලෙන් බැටකෑ එකා කණ මැදිරි එළියටත් බයයි කියා අකමැත්ත පලකරමිනි.

මේ අතර ත්‍රිරෝද රථයේ සිටි පිරිමි දරුවා නිදිමතයි කියා එයින් බැස නිවස තුළට ගොස්‌ පැදුරක්‌ එලා බිම නිදාගෙන ඇත. මේ වන විටත් සැකකරු දුටු දරුවන්ගේ මව ඔහු මගහැර නිවසට ඇතුළු වී සැකකරුගෙන් බේරීම සඳහා තම දියණිය සමඟ මේසය යටට වී සැඟවී සිදුවන දේ බලා සිට ඇත.

සියලු දෙනා නිදාගත් බව සිතූ සැකකරු රාත්‍රි 9.00 ට පමණ දොරවල් නැති නිවසට පහසුවෙන් ඇතුල්වී පිරිමි දරුවා නිදා සිටි ස්‌ථානයට ගොස්‌ දරුවාට අතවර කිරීමට උත්සාහ කර ඇත. 


මේසය යට සැඟවී සිට මෙය බලා සිටි බව බියවී කෑගසන්නට පටන් ගෙන ඇති අතර සැකකරු පැනයන්නට උත්සාහ දරා ත්‍රිරෝද රථය දෙසට දුවන විට දරුවාගේ මව ඉදලක්‌ රැගෙන හොඳහැටි පහර දී ඇත.

පසුදින ගෝනගංආර පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසුව ගෝනගංආර පොලිසිය මගින් සැකකරු හා ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත. වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා මව සහ දරුවා බුත්තල රෝහල වෙත යොමුකර ඇත.

1 comments:

Suranga Lakmal said...

Ara gehenutanam hodak siddavenne naha.. Doraval nathuva kohe hari gederak thiyanavada? meva boru katha.

Post a Comment