Pages

Subscribe:

Ads 468x60px

මාසයක් ෆීස් ප්‍රමාද වුණා කියා සර්ගේ වයිෆ් මාව අල්ලන් හිටියා ටියුෂන්සර් පොල්ලෙන් ගැහුවා

පන්ති ගාස්තු නොගෙවූ බව කියමින් ටියුෂන් ගුරුවරයකු සහ ඔහුගේ බිරිය එක්වී එම පන්තියේ සිසුවෙකුට අමානුෂික ලෙස යකඩ පොලූ පහර එල්ල කිරීමේ සිද්ධියක් මාතර වැලිගමින් වාර්තා වනවා.

මේ දෙදෙන එල්ල කරන ලද ප්‍රහාරය නිසා සිසුවා තුවාල ලබා වැලිගම දිසා රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ඔහු කියා සිටියේ තමාට හදිසි කැඳවීමක් ලැබී ගුරුවරයා ළඟට ගියවිට මේ සිද්ධියට මුහුණපෑ බවයි


ප්‍රහාරයට ලක්වූ සිසුවා ඩයන් කල්හාර සිසුවා ඒ ගැන පැවැසුවේ මෙසේය.

මම අම්මයි සහ අසල්වැසි කාන්තාවකුයි එක්ක පන්සලට යමින් සිටියදී අම්මා හඳුන්කූරු ගන්නට ළග තිබුණ කඩයකට ගොඩ වූ අවස්ථාවේ මට එන්න කියල තිබුණ පණිවිඩේ අහගෙන එන්නම් කියල ටියුෂන් සර්ගේ කාර්යාලයට ගියා.


මට ටියුෂන් පන්ති ඒමට එපා යයි පණිවුඩයක් එව්වේ ඇයි කියල මං ඇහුවේ සර්ගේ වයිෆ්ගෙන් එයා තමා එතැන ටියුෂන් පන්ති පාලිකාව. එයා බැණගෙන බැණගෙන ගියා.


ඒ අවස්ථාවේ දුරකථනය එක් කණක තියාගෙන පොල්ලක් අරගෙන සර් මං ගාවට ආවා. මගෙන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වයිෆ් එක්ක එකතු වෙලා මට ගැහුවා.


මට පහර දෙද්දි මාව අල්ලගෙන හිර කරගෙන හිටියේ සර්ගේ වයිෆ්...සර් යකඩ පොල්ලෙන් මට ගහගෙන ගියා. මට සිහිනැතිවුණා. පස්සේ අම්මා මාව හොයාගෙන ඇවිත් ඉස්පිරිතාලෙට එක්ක ගියා. ලේ ගලන නලලින් යුතු තමා රෝහල් ගතවූ පසු ප්‍රතිකාර වලින් දැන් සුවයක් ඇති බව සිසුවා ප්‍රකාශ කළා. 


තමා පසුගිය මාසයේ ටියුෂන් ගාස්තු නොගෙවූ බව සත්‍යයක් වුවත් මේ ආකාරයට ප්‍රහාරයකට ලක්වේ යයි නොසිතූ බවත් එම මුදල් ගෙවන්නට සිටිය බවත් ඔහු කියා තිබුණා.

එම දරුවාගේ පියා වන ඩබ්. පී. සමන්ත රිය අනතුරකට ලක්ව පාදයේ පහළ කොටස කපා දමා අබාධිත තත්ත්වයෙන් පසුවන අයෙකි. මවට රැකියාවක් නැත. 


ඔවුන් මුදල් අගහිගකමින් ජීවත්වන අයයි. සිද්ධිය ගැන පොලිසියට කළ පැමිණිල්ලෙන් පසු අදාළ ටියුෂන් ගුරුවරයා සහ බිරිය අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළා.

සැකපිට 22 දා අත්අඩංගුවට ගන්නා ලද ටියුෂන් ගුරුවරයා සහ ඔහුගේ බිරිඳ මාතර වැඩ බලන මහෙස්ත්‍රාත් ආරියසේන පනංගල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණා.

7 comments:

Suranga Lakmal said...

Fees eka velavata gevanna danne nedda? Ohoma thamai venna one.

මදසින් said...

එහෙම කියන්න එපා අය්යේ අය්යට ඔහොම දෙයක් උනානම් අය්යා මොකද කරන්නේ ටිකක් කල්පනා කරලා බලන්න

tuition ගිය එකෙක් said...

අනේ මන්ද මේ කතාව විශ්වාස කරන්න පුලුවන්ද කියල.එක්කෝ සිර්ට පිස්සු , එහෙම නෙත්නම් මේ කොල්ලා ගිඝින් සල්ලි දෙන්නෙත් නැතුව ලොකු සීන් එකක් දැම්මද දන්නේ නේ .!@#$

අමා said...

පන්ති ගාස්තු ගෙව්වෙ නැහැ කියලනම් යකඩ පොල්ලකින් ගැහුව කියල හිතන්න අමාරුයි.වැඩිම වුනොත් පන්ති එන්න එපා කියයි.මෙතන වෙන මොකක් හරි ලොකු සිද්දියක් තියෙනව වගෙයි.

කක්කා බබා said...

හ්ම්ම්ම්!!! වෙන මොකක් හරි කේස් එකක් මෙතන තියනවා වගේ.

මස් වැද්දා said...

ඒක තමා මාත් කල්පනා කරන්නේ දන්න එකෙක් කියපියව්

Anonymous said...

me koluwa harima ahinsakayek wage, BABA HUKUN,..

Post a Comment