Pages

Subscribe:

Ads 468x60px

ගොසිප් ලංකා නිවුස් වලට තිබු බාධා කිරීම් ඉවරයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවියක්වූ 'ගොසිප්ලංකා නිවුස්' (gossip lanka news.com) වෙබ් අඩවියට පසුගිය කාලයේ බල පැවැත්වූ බාධක ඉවත්කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ට මුදල් ගෙවා ලියාපදිංචි කර තිබු මෙම වෙබ් අඩවියට පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලංකාව තුල දී ප්‍රවිෂ්ඨවිමට බාධා සිදුකර තිබුනා.


එහෙත් එසේ බාධා සිදුකලේ කුමන හේතුවක් නිසාද යන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ විදුලි සංදර්ශ නියාමන කොමිසම පැහැදිලිව ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි.

ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම වෙබ් අඩවි දෙකක් වන ‘ගොසිප් ලංකා නිවුස්’(gossiplankanews.com) වෙබ් අඩවියත්, ‘ගොසිප් ලංකා’ (gossiplanka.lk) වෙබ් අඩවියත් ශී‍්‍ර ලංකාව තුළ අවහිර කර තිබීම මුළුමනින්ම නීති විරෝධී කි‍්‍රයාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා මිට පෙර ප්‍රකාශකර
තිබුනා.

කෙසේවුවද, මේ වනවිට මැත කාලයේ ජනප්‍රියට පත් 'කලම්බු ටෙලිග්‍රාෆ්' (colombotelegraph.com) වෙබ් අඩවියට
ශ්‍රී ලංකාව තුලදී ප්‍රවිෂ්ඨ වීමට බාධා පමුණුවා තිබුනා.

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සිය පාඨකයන්ට දැනුම් දී සිටින්නේ, එම බාධකට මගහැර ගැනීමට HTTPS​ කේතය භාවිත කරන ලෙසයි. එවිට වෙබ් අඩවියේ සම්පූර්ණ ලිපිනය https://www.colombotelegraph.com වේ.

එසේම මාස ගණනාවක සිට 'ලංකා ඊ නිව්ස්' , 'ලංකා නිව්ස් වෙබ්, තමිල් නෙට්, ලංකා ගාර්ඩියන් හා පැපරාසියා යන වෙබ් අඩවි වලට ශ්‍රී ලංකාව තුලදී ප්‍රවිෂ්ඨවිමට බාධා පමුණුවා
තිබෙනවා.

මෙවැනි බාධා කිරීම් හමුවේ එම වෙබ් අඩවි වලට ප්‍රවිෂ්ඨවිම සඳහා එම වෙබ් අඩවි විසින් ඊට අදාළ 'ෆේස් බුක්' හදුන්වා දුන් අතර ඒ හරහා මේ වනවිට ශ්‍රී ලංකාව තුලදී පවා කිසිදු බාධාවකින් තොරව වාරණයට ලක්වූ වෙබ් අඩවි වලට ප්‍රවිෂ්ඨ විය හැක.

එහෙම මේ සියලු වෙබ් අඩවිවලට 'ප්‍රොක්සි' වෙබ් අඩවි හරහා ද ශ්‍රී ලංකාව තුලදී ප්‍රවිෂ්ඨ විය හැක.

2 comments:

Post a Comment