Pages

Subscribe:

Ads 468x60px

විවාහය කඩා දැම්මාට නැන්දම්මා හා නෑනා මරන්න කානු 6ක තුවක්කුවක් හැදු තරුණයෙක්

බිරිය, නැන්දණිය සහ නෑනාට වෙඩි තබා ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු කිරීමේ සැලැසුමක්  ක්‍රියාත්මක කිරීමට මල්ටි බැරල් ගිනි අවියකට සමාන ගිනි අවියක් නිපදවා ඇති සැකකරුවකු ගිනි අවියද සමඟ හංවැල්ල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ පොලිස් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන පුවතක් මව්බිම පුවත් පතේ සඳහන් වී තිබෙනවා.

මේ ගිනි අවිය නිපදවා තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බැරල් හයක් එකට  සම්බන්ධ කර ඒවාට වෙඩි බෙහෙත් දමා කුඩා ප්‍රමාණයේ බැටරි කෑලි දෙකකින් විදුලි බලය  ලබාගෙන වෙඩි උණ්ඩ හයක් පිටකළ හැකි අයුරිනි. මෙවැනි ගිනි අවියක් හමුවූ ප්‍රථම අවස්ථාව බවද පොලිසිය පවසයි. 

සැකකරුගේ විවාහය බිඳ දමා  ඇතැයි කියන නැන්දණිය සහ බිරියගේ නැඟණියත් දැනට ඔහුගෙන් වෙන්වී සිටින බිරියත් ඝාතනය කිරීම සඳහා මේ ගිනි අවිය  නිපද වූ බව සැකකරු පොලිසියට පවසා ඇති බව  පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

සැකකරු විදුලි බලයෙන් ගල්කඩන ස්ථානයක සේවය කළ අයකු බවද හෙළි වී තිබේ. මේ ගිනි අවිය  නිපදවා පෙරහුරුවක් ලෙස එයින් අහසට වෙඩි තබා තිබේ.

එම සිද්ධිය දැක ඇති අසල්වාසියකු ඒ පිළිබඳව බස්නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට රහසිගතව දන්වා ඇති අතර ඒ අනුව මිරිහාන විශේෂ පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා සමඟ විශේෂ පොලිස් කණ්ඩායමක් හංවැල්ල ප්‍රදේශයට යවා ඇත.

එම පොලිස් කණ්ඩායම හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස අසල  සැඟවී සිට ඔහු නිවෙසේ සිට ගිනි අවිය රැගෙන එද්දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


ගිනි අවිය  නිපදවීම සඳහා යොදාගත් ස්ථානය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා දින 3ක් සඳහා වූ රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.

1 comments:

Anonymous said...

අපරාදේ මුගේ මොලේ. හොඳ අවියක් නිපදවලා ලෝකෙටම විකුනලා රටට ආදායමක් ලබන්න තිබුණා. දැන් වුනත් ප්‍රමාද නැහැ. හිරේ ගියත් ඊට පස්සේ මූ අහක දැමියයුතු එකෙක් නෙවේ. වටිනා සම්පතක්.

Post a Comment