Pages

Subscribe:

Ads 468x60px

ටෙලි නිළිය දූෂණය කළැයි පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපට නිෂ්පාදක රිමාන්ඩ් භාරයට


ටෙලි නාට්‍ය නිළියන් හා චිත්‍රපට නිර්මාණ කරුවන් අතර පැටලිලි කාලයක සිට ලංකාවට අලූත් දෙයක් නොවේ. නමුත් නවක ටෙලි නිළියන් දැලේ දාගන්නට උත්සාහ කරන නිර්මාණකරුවන් නීතියේ රැහැනට කොටුවන්නේ කලාතුරකිනි.

පාර්ලිමන්ට් ජෝක්ස් නමැති ප්‍රකට චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට පැටලී ඊයේ බන්ධනාගාරගත කෙරුණා.


ඔහු 2013 වසරේ දිනයක සිය කාර්යාලයට මන්දාකිනි රණසිංහ නමැති නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු කතාබහ අතර සිසිල්පැන් සංග්‍රහයක් සිදු කර ඇති අතර එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ්‍ර කොට ඇයව සිහි

විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කර ඇති බවට චෝදනා ලැබ තිඛෙනවා. 

එම අවස්ථාවේදී එම ක්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන්ය. තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර

ඇති බවට සලකුණු හඳුනාගත් බවත් ඇය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් විය. ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසුව ඇයට නිෂ්පාදකවරයා මරණ තර්ජන සිදු කර ඇත්තේ එය ඉල්ලා අස්කරගන්නා ලෙස බලකරමිනි.


නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරා.

ටෙලි නාට්‍ය නිළිය නාරාහේන්පිට පොලිසියට පැමිණ කරන ලද පැමි‚ල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු විසින් එම සිසිල් පැන් බෝතලයට මත්පෙති මිශ්‍ර කර තිබූ බව අනාවරණය වු බවත් වෛද්‍ය වාර්තා අනුව අතවරය සිදුව ඇති බවත් අතවර කර ඇත්තේ කාර්යාලය ඇතුළේදීම බවත් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙනවා.

මේ අතර පැමි‚ලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත්‍රපට නිෂ්පාදක වරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) නියෝග කළා.

1 comments:

Anonymous said...

Uta sakwala balanna hithenna athi, Sure oka Mandhakiniyen ma nowei patan gaththe wagema Mandhakiniyen oyawage ewun iwara karanneth nahe. Genuth dana ganna ona oyawage ewata thani pangalame noenna. Ehema unanam mehema nowenna thibuna. Illan kanawa kiyanne mewata thamai. Muta denna ona uparima poriyal eka neethiyenma denna ona me wage pahara weda apahu nokaranna.

Post a Comment